අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව දේශපාලන බෝම්බයක් බවත් එම යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වෙන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
" ඉදිරි මැතිවරණ ජයග්‍රහණ කිරීමට, සභාග රජය බිඳ දැමීමට, රට අස්ථාවර කිරීමට ගෙනාපු දේශපාලන බෝම්බයක්. ඒක අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වෙනවා. විශ්වාසභංගයෙන් අගමැති පරාජය කරන්න බෑ. මහ බැංකු වංචාවට සමාන වංචාවක් කළ පුද්ගලයින් තවමත් නිදැල්ලේ ඉන්නවා. විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය ස්ථාපිත වුවොත් පළමු නඩුව ලෙස ගන්නේ බැඳුම්කර සිිදුවීමයි."