විල්පත්තු වනාන්තරය ජාත්‍යන්තර සංචාරක පුරයක් කරන්න අවධානය
විල්පත්තු රක්ෂිතය ඇතුළත් වනාන්තර භූමිය ජාත්‍යන්තර වටිනාකමක් ලබාදීමට සංචාරකයන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමට අවධානය යොමුව ඇතැයි බුද්ධ ශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
විල්පත්තු රක්ෂිතයේ පසුගිය (30දා) නිරීක්ෂණ චරිකාවක නිරත වූ අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. එහි පිවිසුම් පිටවීම් දෙරටුවක් ඉදිකිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබුණි.
ඊට අමතරව විල්පත්තු රක්ෂිත භූමිය ආරක්ෂා වන අයුරින් සංචාරක ආකර්ෂණය වැඩිවන පරිදි සංවර්ධනය කිරීමටත් සංචාරකයන් වැඩි වශයෙන් විල්පත්තු භූමියට ගෙන්වා ගැනීමටත් අවධානය යොමු වී ඇතයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විල්පත්තු අවට සිටින ගම්මානවල ජනතාව මුහුණදී දී සිටින ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී දැනුවත් කිරීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කොට එම ගැටලුවලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






