ADA
www.ada.lk
2025 ජුනි මස 18 වන බදාදා
විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ආරක්ෂාවට පිහිටා ඇති පරිවාර රක්ෂිත වනාන්තර පද්ධතිය නැවතත් විනාශ කිරීම අරඹා තිබේ. විල්පත්තුව ජාතික වනාන්තරයට කිලෝමිටර් 10 ක දුරින් පිහිටි මාවිල්ලුව වන රක්ෂිතයට උතුරින් පිහිටා ඇති අක්කර 5425 ක විශාලත්වයකින් යුත් අතර විලත්තිකුලම් රක්ෂිතයේ අක්කර 750 ක භූමියක් මෙසේ වන සංහාරයට නැවතත් ගොදුරුවී තිබේ.
ඒ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලයෙන් කළ විමසීමේදී කිසිවක් පැවසීම ඉදිරිපත් නොවුනද එක හෙළා පවසා සිටියේ 2014 හෝ 2015 වසර වලදී එකදු බිම් අඟලක් ලබාදී නැති නමුත් 2012 සහ 2013 වසර වලද යම් ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇති බවය. එම ප්‍රමාණයද සඳහන් කිරීමට ඉදිරිපත් නොවූ අතර සියලු විස්තර වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විමසන ලෙසට දැන්වුවද අද (28දා) වන අධ්යක්ෂවරයා කිසිදු ලෙසකින් සම්බන්ධ කිරීමට නොහැකි විය.
විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටින පරිසර සංවිධාන එකමුතුව පවසා සිටින්නේ මෙම රක්ෂිත වනාන්තර කිසිදු ආකාරයකින් පවරාදීමක් සිදුව නැති බවත් එසේ නම් එය ගැසට් කිරීමක් සිදුවිය යුතු බවයි.
මෙම විලත්තිකුලම් වන රක්ෂිතය විල්ලු රැසකින් පිරී ඇති බවත් අලි ඇතුන් හා වන සතුන්ගෙන් පිරි වන රක්ෂිතයක් වන අතර එවැන් පරිසරයක් වැනසීම තුළින් විල්පත්තුවට සිදුවන හානිය සුළු පටු නැති බවද පරිසර සංවිධාන එකමුතුව පවසයි.
popular news
කල්පිටියේ පොහොට්ටු මන්ත්‍රී පරණ පුරුදු වැඩ කරන්න ගිහින් පොලිස් කූඩුවේ
රත්මලාන හා යාපනය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඩේවිඩ් පීරිස් සමාගමට අවසර
පුත්තලම නගරාධිපති නිතරගෙයෙන් මාලිමාවට
ඉරානයෙන් ඊශ්රායෙලයට දැවැන්ත ප්‍රහාරයක්
ජනප්‍රිය ඉන්දීය නළුවන් දෙදෙනෙක් ලංකාවට
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd