වියළි කාලගුණය ඇති ප්‍රදේශයන්ට වර්ෂාව සැප්තැම්බරයේ
දැනට අධික වියළි කාලගුණ තත්ත්වයක් පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වන්නේ සැප්තැම්බර් මාසයේ අවසන් සතියෙන් පසුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමහර ප්‍රදේශවලට මේ මාසය තුළ සුළු වශයෙන් වැසි තත්ත්වයක් ඇති වුවද, එම වැසි පවතින වියළි කාලගුණ තත්ත්වය නිමා කිරීමට ප්‍රමාණවත් නොවන බවද එම දෙපාර්තමේන්තුවේ කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා 'අද කළ විමසීමකදී සඳහන් කළේය.
වියළි කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්ක 17 තුළට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇතිවන්නේ අන්තර් මෝසම් වැසි ඇති වීමෙන් පසු බවත්, එම වැසි සැප්තැම්බර් මස අවසන් සතියෙන් පසු ඇති වන බවත් ඔහු පවසා සිටියේය.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 දක්වාත්, යාපනය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වාත්, මඩකලපුව, මන්නාරම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 දක්වාත්, කොළඹ, ගාල්ල, මහනුවර දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 දක්වාත්, රත්නපුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 දක්වාත් ඉහළ ගොස් තිබේ.
මෙම වියළි කාලගුණ තත්ත්වය ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තලම, කිලිනොච්චිය, මහනුවර, මාතලේ, බදුල්ල, වවුනියාව, මුලතිව්, යාපනය, මන්නාරම, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ඇති වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

