දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් විටපතට පත්ව සිටින ජනතාවට වියළි අහාර සළාකයක් ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
අනුරාධපුර, කැබිතිගොල්ලෑව ආදි ප්‍රදේශෙ කිහිපයක සංචාරයකට එක්වීමෙන් පසුව ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. එම වියළි ආහාර සළාකය ඉතාමත්ම ඉක්මනින් ජනතාවට ලබාදෙන ලෙස ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දි ඇත.
මේ අතර වියළි කාලගුණයෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් නිකුත් කිරිමටත් ජනපතිවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.