දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පවුල් 314049කට අයත් පුද්ගලයින් 1093717 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (29දා) පෙ.ව. 9.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි. වියළි කාලගුණයෙන් වැඩිම පිරිසක් ආපදාවට ලක්ව ඇත්තේ උතුරු පළාත් තුළයි. උතුරු පළාතේ පවුල් 133618කට අයත් පුද්ගලයින් 462815ක් අපාදාවට ලක්ව ඇත.
නැගෙනහිර, උතුරු මැද
වයඹ, මධ්‍යම, ඌව හා සබරගමුව යන පළාත්වල ජනතාව වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇත. අඩුම පිරිසක් පීඩාටව පත්ව ඇත්තේ සබරගමු පළාතෙන් වන අතර එහි පවලු 183කට අයත් පුද්ගලයින් 812ක් පීඩාවට පත්ව ඇත.