දිස්ත්‍රික්ක 16කට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් ප්‍රමාණය 1,055,455ක් දක්වා වර්ධනයවී තිබේ. මෙම සියලුම දෙනාම පානීය ජල හිඟයකට මුහුණදී සිටින අතරවැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
එම දිස්ත්‍රික්කයේ පවුල් 45,185කට අයත් පුද්ගලයන් 147,922ක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 36,333කට අයත් පුද්ගලයන් 129,241ක්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 34,049කට අයත් පුද්ගලයින් 124,206ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.