විභාග ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට Turn Key System ක්‍රමය හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මේ හරහා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය ඇසුරුම් කිරීම එකම යන්ත්‍රයක් තුළින් සිදු කිරීමට හැකියාව ලැබෙන හෙයින් ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට හා ඇසුරුම් කිරීමේදී පුද්ගලයන් සම්බන්ධ නොවන නිසා විභාගයේ රහස්‍ය භාවය උපරිම ලෙස ආරක්ෂාකාරී වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සඳහා අවශ්‍ය එක් යන්ත්‍රයක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව 2018 වසරේ ජනවාරි මාසයේදී මෙම යන්ත්‍රය සවිකිරීමට සැලසුම් කර ඇත.