අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය පැවැත්වෙන නාඋල අබන හන්දියේ කූඹියන්ගහ ඇල විද්‍යාලය ආසන්නයේ ශබ්දවාහිනී යන්ත්‍ර භාවිත කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීමට උත්සාහ කර තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
මෙහිදී ලොරියක සවිකළ පුළුල් තිරයක යුද ජයග්‍රහණය පිළිබඳ චිත්‍රපටයක් පෙන්වීමට මෙම පිරිස උත්සාහ දරා ඇති අතර ප්‍රදේශවාසීන් එයට විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.
නාඋල ප්‍රාදේශීය සභාවට අයත් අංක 252 - 6567 දරණ කැබ් රථය ද මේ සදහා යොදා ගෙන ඇති බවත් ඔවුහු පවසති.
ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතය සදහා අවශ්‍ය පොලිස් අවසර පත්‍රයක් නැති බවත් චිත්‍රපට දැක්ම සඳහා නිල ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරින් ආරක්ෂාව ලබාදී තිබෙන බවත් ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.