ක්ෂේත්‍ර නිලධාරීන් කිහිපදෙනෙකු මගින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීමට ප්‍රබල විපක්ෂ කණ්ඩායමක් මේ වනවිට උත්සාහ දරමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.
සමෘද්ධි නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට සේවයේ නිරතව සිටින අතරතුරදීම ඡන්ද විමසීමට ඉදිරිපත්වීමට නොහැකි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති මෙම නඩු තුන පසුපස පළාත් පාලන ඡන්ද විමිසීම කල්දමා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව ද එම සංවිධානයේ අදහසයි.
තමන් ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස කටයුතු කරන බැවින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට තරග කිරීමට ඇති අයිතිය අහිමි වී ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් නඩුවේ එක් පෙත්සම්කරුවෙකු මේ වනවිටත් සේවයෙන් ඉල්ලා අස්වී ඇති අතර තවත් පෙත්සම්කරුවෙකු මේ වනවිට විශ්‍රාම ලබා තිබේ.
තව ද රිට් ආඥාවක් ඉල්ලා ඇති පෙත්සම් වල ද පෙත්සම්කරුවන්ගෙන් කිහිපදෙනෙකු මෙලෙසම ඉල්ලා අස්වී හෝ විශ්‍රාම ලබා ඇති බව කැෆේ සංවිධානය පවසයි.
ශ්‍රීලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 න් එක් පක්ෂයක ලේකම්වරයෙකු හෝ ස්වාධීන කණ්ඩායමක නායකයෙකු මෙම පෙත්සම්කරුවන් තම පක්ෂයෙන් හෝ ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් කිරීමට කැමැත්ත හෝ ළදියාව ප්‍රකාශ කිරීමක් සිදුව නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.
පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීමට මෙවර විපක්ෂයේ ප්රබලතම කණ්ඩායමක් දරන උත්සාහය කැෆේ සංවිධානය දැඩි ලෙස හෙළාදකින බවත්, මෙය ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමට බංකොළොත් උත්සාහයක් ලෙසද එම සංවිධානය හඳුන්වයි.