පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් අත්සන් කළ ලේඛනය ඉතා ඉක්මනින් කථානායකවරයාට භාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
සන්ධානයේ විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්රීවරුන් 58 දෙනෙකු මේ වනවිට එයට අත්සන් තබා ඇතැයිද වීරවංශ මහතා ප්රකාශ කළේය.
නාරාහේන්පිට අභයාරාමයේ අද (30දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයේ නායකයන් එක්ව අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු විරෝධී කණ්ඩායමට විපක්ෂනායක ධුරය ලබාදිය යුතු බවයි. නිමල් සිරිපාලද සිල්වා මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඔවුහුඅදහස් දැක්වූහ.