විනිසුරු උසස්වීම් ගැටලුව නිරකරණයට ජනපතිගේ අවධානය
විනිසුරුවරුන්ට උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සියලු දෙනාට පිළිගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ සේවා කොමිසන් සභාව වෙත දන්වා තිබේ.
මහේස්ත්‍රාත් තනතුරේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ තනතුර දක්වා කිසියම් ශ්‍රේණියක විනිසුරුවරයෙක් තමන්ගේ උසස්වීම් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට කිසිදු අවස්ථාවක කිසිවෙකු හමුවට යාම සුදුසු නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ඊයේ (18දා) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේ පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.
කුසලතාව සැලකිල්ලට ගනිමින් අදාළ උසස්වීම සිදු කරන්නේ නම් එහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් ඉදිරිපත් කරන ලෙසත් එය ක්ෂේත්රයේ සියලු දෙනාට මෙන්ම රටේ උගතුන්ට, බුද්ධිමතුන්ට සහ පොදු මහජනතාවට ද පිළිගත හැකි ක්‍රමවේදයක් විය යුතු බවද සඳහන් කළේය.
පසුගිය වසර 03 තුළදී අදාළ උසස්වීම් ලබාදීමේදී ඉතා අපක්ෂපාතීව හා ස්වාධීනව එම කාර්යය ඉටුකිරීමට තමා කැපවූ බවත් ගැටලු හා ප්‍රශ්න මතු වූ අවස්ථාවලදී නීතිපතිවරයාගෙන් විමසීම් සිදු කිරීමට මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමට ද කටයුතු කළ බව කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


