රටේ ස්ථාවරභාවය සඳහා ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගත්, බලතල සීමා වූ විධායක ජනාධිපති ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, අග්‍රාමාත්‍යවරයා වෙස්මිනිස්ටර් ක්‍රමයට තෝරා පත් කරගත යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් පාර්ලිමේන්තු කමිටු ශාලා 04 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඊයේ සවස කැඳවා තිබූ අතර, ඊට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ තම පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ 'කටු කෑමට' නොවන බවයි.
ඒ අනුව ජාතික වැඩපිළිවෙළක් සඳහා සහාය පළ කිරීමට එක් වූ බව පවසා සිටි අමාත්‍යවරයා රටේ ව්‍යවස්ථාදායක අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය තුලින් පත් කරනු ලබන්නක් වියයුතු බවට අදහස් කර සිටියේය.එහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කර සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මාගේ සහභාගිත්වයෙන් පත් කරන ලද කමිටුවක් විසින් අති දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා, මෙම අතුරු වාර්තාවේ 29 සිට 37 වෙනි පිටු දක්වා එක් එක් කරුණු පිළිබඳ අපේ ස්ථාවරය පැහැදිලි කරලා තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සභාග රජයට එකතු වුණේ පරමාර්ථ කිහිපයක් ඉෂ්ට කර ගැනීම සඳහායි. අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සියලු දෙනාම සහයෝගය දුන්නා. ඊටපස්සෙ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරදෙන බවට විශේෂ එකඟත්වයකට ආවා. නමුත් ඒක කරගන්නට ලැබුණෙ නෑ. මේ ව්‍යවස්ථා සම්පාදනය තුළින් වහාම අපි පාර්ලිමේන්තු කොට්ඨාස ක්‍රමය සඳහා යන්න ඕනෑ කියන ස්ථාවරය ඉතා පැහැදිලි ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධයේ අපි 1, 2, 3, 4, 5, 6, 8 යන වගන්තීන් ඒ ආකාරයෙන්ම පවත්වාගත යුතු බවත්, ඒකීයභාවය ඒ ආකාරයෙන් පැවතිය යුතු බවත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන කිසිදු පක්ෂයක් ඉදිරිපත් නොකළ නව අදහස් රාශියක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය කියලා තීරණය කරලා තිබෙනවා.
මේ රටේ ව්‍යවස්ථාදායක අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් පත් කරන අධිකරණයක් වෙන්න ඕන. ඊළඟට සෙනෙට් සභාවක් පිළිබඳ අපි එකඟයි. එයට වැඩි බලතල ලබාදීම සඳහා එයින් පත් වන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යාංශ 02 ක් දියයුතු යැයි අපි යෝජනා කරලා තියෙනවා.
අමාත්‍යාංශ 30කට සීමා කරන්න ඕන. නියෝජ්‍ය ඇමතිවරු 30කට සීමා කරන්න ඕන. ව්‍යවස්ථාව තුළ ඒ ඒ අමාත්‍යාංශයේ විෂය පථය වෙනස් නොකළ හැකි ආකාරයට ඇතුළත් කරන්නට ඕන. ඒ වගේම යම් ආකාරයක විධායක ජනාධිපති ධුරයක් පවත්වාගෙන යන්නට ඕන. අපි බලය බෙදීමට විරුද්ධ නෑ. එය උපරිම ලෙස බෙදන්නට අපි එකඟ වෙලා තියෙනවා. රටේ ආරක්ෂාව, ඒකීයභාවය රැකගැනීම සඳහා සියලු ජාතීන්ගේ ඡන්දවලින් පත්වෙන ජනාධිපතිවරයෙකුගේ අවශ්‍යතාව අපි අවධාරණය කරනවා. ඒ වගේම අගමැතිවරයා පත් කිරීම වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට කළ යුතු යැයි අපි යෝජනා කරලා තියෙනවා" යැයිද පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර හා එස්.බී. දිසානායක යන අමාත්‍යවරුද එක්ව සිටියහ.