විධායක ජනපති ක්‍රමයට නිර්මාපකයන් අකමැතියි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පැහැදිලි ස්ථාවරයක එක්සත් ජාතික පක්ෂය සිටින බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී අද (15දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව, 2020 දී ජනාධිපතිවරණයක් පිළිබඳ කතාකිරීම කල් නොමේරු තත්ත්වයක් ලෙස දැක්විය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින්, පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කර ජනතාවට සැබෑ ලෙස වගකියන පාර්ලිමේන්තුවක් පිළිබඳ වූ අරමුණ කෙරෙහි අග්‍රාමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාද කටයුතු කරමින් සිටින බවයි.
එසේම, ශ්‍රී ලංකාවට GSP+ සහනය නැවත ලබාදීම සඳහා වූ යෝජනාව, ඉදිරි මාස දෙකක කාලය ඇතුළත යුරෝපීය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙණු ඇති බවට විශ්වාස කෙරෙන බව අජිත් පී.පෙරේරා මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
