අනුරාධපුර නගරයේදී ස්විස්ටර්ලන්ත ජාතික විශ්වවිද්‍යාල සිසුවියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් ත්‍රිරෝද රථ රියදුරෙකු ලබන අගෝස්තු 11දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (01දා) නියෝග කළේය.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝගයක්ද මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලදී.
මෙම සැකකරු අනුරාධපුර විජයපුර, විජය මාවත පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු බව අනුරාධපුර පොලීසිය පැවසීය.