ශ්‍රී ලංකාව තුළ කිසිදු විදේශිකයෙකුට හෝ විදේශීය සරණාගතයෙකුට ස්ථිර පුරවැසිභාවයක් ලබාදීමට කිසිදු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නොමැති බවත්, එලෙස පැමිණියහොත් මානුෂීය හේතූන් මත වෙනත් රටකට යනතෙක් නවාතැන් පහසුකම් ලබාදීම පමණක් සිදුකරන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
විදේශිකයෙකුට හෝ විදේශ සරණාගතයෙකුටශ්රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්යආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ අනිවාර්ය අනුමැතිය අත්‍යවශ්‍ය බවත්, මේ දිනවල කතාබහට ලක්ව තිබෙන මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට එවැනි අවසරයක් වෙනුවෙන් ලක් රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිදු එකඟතාවක් නොමැති බවත් චම්පික රණවක අමාත්යවරයාඅවධාරණය කර සිටියේය.
මියන්මාර සරණාගතයන් පසුගිය අප්‍රේල් සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ක්‍රියාදාමයකට අනුව බවත්, ඔවුන්ට එසේ හෝ ශ්‍රීලංකාවේ රැඳී සිටීමට බලය පැවරුණේ 2005.12.07 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකරගත් එකඟතාව මත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවට විවිධ මත සමාජගත කරමින් බෞද්ධ ජනයා කුපිත කිරීමට ඇතැම් දේශපාල අනාථයන් සහ විවිධ සංවිධාන ගෙනයන ක්‍රියාදාමය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද අමාත්‍යවරයා කීවේය.