විදේශීය රුවල් යාත්‍රාවක් නාවික හමුදාව බේරා ගනියි
ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විපතට පත්ව තිබූ සැන්ඩ්ටී (SANDETIE) නැමති විදේශිය රුවල් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී තිබේ
පෙරේදා (14දා) මෙම මෙහෙයුම සිදුකර ඇති අතර නාවික හමුදාවට අයත් ගැඹුරු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් එය ගොඩබිමට ගෙනවිත් ඇත.
රුවල් යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ විපතට පත්ව ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් නාවික හමුදාව තොරතුරු ලද විගස ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව විපතට පත් නාවිකයින් සහ රුවල් යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
ඉන් අනතුරුව සයුරළ නෞකාව මඟින් එම නාවිකයින් සහ රුවල් යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමට කටයුතු කරන ලද අතර, නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ නාවිකයින් සහ රුවල් යාත්‍රාව ගාල්ල වරාය ආසන්නයේදී පෞද්ගලික නාවික ආයතනයක් වෙත භාර දීමට කටයුතු කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






