2014 යල කන්නයේ දේශීය අර්තාපල් අස්වැන්න ඉදිරි සතිය වනවිට විශාල වශයෙන් වෙළෙඳ පොළට ලැබීමට නියමිත බැවින් දේශීය පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය අර්තාපල් තොග දේශීයවම සපයාගත හැකි බැවින් අර්තාපල් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, අර්තාපල් ආනයනය කිරීම 2014 සැප්තැම්බර් 06 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.