ලබන වසරේ ජනවාරි සිට විගමන ශ්රමිකයන්ගේ අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 300ක් දක්වා වැඩිකොට එම සීමාව අනිවාර්ය කරන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ශ්රමිකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධව රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවත්,ඒ වෙනුවෙන් රටවල් කිහිපයක් සමග පසුගිය කාලයේ අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවත් ඒ මහත්මිය ප්රකාශ කළාය.