අලුත්ගම නගරයේ විදේශ මුදල් මාරු කරන ස්ථානයක් කොල්ල කෑමට ගත් උත්සායක් ව්‍යර්ථ වී තිබේ.
මුහුණු ආවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුම් පැළඳ ඊයේ (28දා) ප.ව. 2.50 ට පමණ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගිනි අවියක් පෙන්වා බිය ගන්වා එහි මුදල් කොල්ලකෑමට තැත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී මුදල් කොල්ලකෑමට නොහැකි වී ඇති අතර, සැකකරුවන් වෙළෙඳ සැලේ බිත්තියකට වෙඩි තබා පළා ගොස් තිබේ.
අලුත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.