ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන විදෙස් භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙනත් විවිධ කරුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් භිකෂූන් වහන්සේලා රටින් පිටමං කිරිමේ වැඩසටහනක් රජය ආරම්භ කර ඇතැයි බෞද්ධ ජාත්‍යන්තරය නැමැති සංවිධානය කියය.
මේ පිළිබඳව මාධ්‍ය අනුවත් කිරිම් හමුවක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය. එම සංවිධානය පවසන්නේ ආණ්ඩුවේ ප්රතිපත්තීමය තිරණයක් මත වීසා බලපත් සඳහා ගෙවිය යුතු ගාස්තු අසාධාරණ ලෙස වැඩිකරමින් හා වෙනත් හේතු දක්වමින් මෙසේ විදේශීය භික්ෂූන් වහන්සේලා රටින් පිටමං කිරිමට කටයුතු කරමින් සිටින බවයි.