රට තුළ ක්‍රියාත්මක විදුලි මාෆියාව පිළිබඳ අද (28දා) අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවත්, ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි .
නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී විශාල වංචා සිදුවන බවත්, මීට අමතරව පෞද්ගලික බලාගාරය තුළින් විදුලිය මිලදී ගැනීමේදීත් අති විශාල වංචා ප්‍රමාණයක් සිදුවන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
විදුලිය මිලදී ගැනීමට කටයුතු කරන ආයතනවල ඉහළ තනතුරු දරන්නන් අතර විදුලිබල මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් සිටින බවට හෙළි වී තිබෙන බවත්, මේ හරහා දුෂණ වංචා සිදුවිය හැකි බවත් ඔහු කියා සිටියේය .
අදාළ දූෂණ වංචා හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය පාඩුලබන ආයතනයක් බවට පත්ව සිටින බවට පවසමින් ඉදිරියේදී 25%කින් විදුලි බිල ඉහළ දැමීමට සැලසුමක් සකස්කර ඇතැයිද රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.