විදුලි පාරිභෝගිකයන් විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීම සඳහා සඳහා වන යෝ‘ජනාවක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් අද(09දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිර තිබ්.
විදුලි පාරිභෝගිකයන්ගේ නිවෙස් මත සූර්ය බලය උපයෝගි කරගනිමින් සූර්ය පැනල මගින් විදුලිය නිෂ්පාදනය කිරීමටත්, එම විදුලිය ජාතික විදුලි පද්ධතියට එක්කරමින් විදුලි පාරිභෝගිකයන්ට ආදායමක් ලැබිය හැකි අයුරින් ක්‍රියාත්මක කිරීමටත් නියමිත මෙය සූර්ය බල සංග්‍රාමය ලෙස හඳුන්වා තිබේ.
මෙය ආකාර තුනකට ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සැලසුම්කර ඇති අතර ශුද්ධ මනුකරණය (Net Metering) ලෙස එක් ක්‍රමයක් හැඳින්වේ. මේයටතේ නිෂ්පාදනය කරනු ලබන විදුලිය සඳහා අතිරික්ත මිලක් නොගෙවන අතර, පාරිභෝගිකයාගේ අතිරික්ත විදුලි නිෂ්පාදනය ඉදිරිමස පාරිභෝජනය සඳහා යොදවාගත හැකිය.
නිෂ්පාදනය කරනු ලබන විදුලිය නිවසේ පාරිභෝජනය කරනු ලබන විදුලි ප්‍රමාණයට වඩා වැඩිවන්නේනම් අතිරික්ත විදුලි ප්‍රමාණය සඳහා විදුලිබල මණ්ඩලය මගින් මුදල් ලබාගැනීමට හැකිවීම දෙවැනි ක්‍රමය වේ.
එමෙන්ම පාරිභෝජනය සඳහා භාවිතයට නොගෙන සමස්ත විදුලි නිෂ්පාදනයම ජාතික විදුලි පද්ධතියට ලබාදීම එහි තෙවැනි ක්‍රමය වේ.
මේයටතේ නිපදවන විදුලිය සඳහා මුල් අවුරුදු 07 තුළදී කිලෝවොට්පැය එකක් රුපියල් 22.00 ක මුදලක් යටතේ විදුලිබල මණ්ඩලය විසින් මිලදීගැනීමට නියමිත අතර, ඉන්පසුව ඊළඟ අවුරුදු 13 දක්වා කිලෝවොට්පැය එකක් රුපියල් 15.50 යටතේ මිලදී ගැනීමට සැලසුම්කර තිබේ.
මේක්‍රමය යටතේ වසර 2020 වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කරගැනීම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අරමුණ වී ඇති අතර, ඒ හරහා ඉන්ධන යොදාගනිමින් සිදුකරන විදුලි නීෂ්පාදනය අවම කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේසඳහා රටේ සමස්ත ජනතාවට සහභාගි වීමට හැකියාව ලැබෙන අතර, කර්මාන්ත ශාලා හිමිකරුවන් ඇතුළු මේසඳහා කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට විදුලි නිෂ්පාදන අවස්ථා ලබාදීමට අමාත්‍යාංශය සැලසුම්කර ඇත.
මෙම ක්‍රියාවලිය තුළින් පරිසර දූෂණය අවම වන අතර, මෙම ව්‍යාපෘතිය තුළින් නව රැකියා 5000 ක් ඇතිකිරීමද සැලසුම්කර ඇත.