විදුලිබල මණ්ඩලයේ දේපොළවලට අලාභ හානි සිදුකරන පිරිස් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලදී වැරදිකරුවන් වන සියලුම විදුලිබල මණ්ඩල සේවකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩල සේවක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනා මේ මොහොතේදී පද්ධතියේ විදුලිය විසන්ධි කිරීම සඳහා සමහර සේවකයන් විදුලි ට්රාන්ස්පෝමර්වලට අලාභ හානි කිරීම, රැහැන්වලට හානි කිරීම පිළිබඳ වාර්තාවන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියෙන් ඉල්ලීමක් කළ බවත්, මේ වනවිට එක් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.
වර්ජනය අවසන් නොකරන නිසා හෙට (18දා) සිට විශ්‍රාම ගිය රියදුරන් හා කාර්මිකයන් බඳවා ගැනීම ඉහළ දමන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.