විදුලිබල මණ්ඩල සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දැක්වීම සඳහා විදුලි අධිකාරීවරුන් කැමැත්ත පළකර තිබෙන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
විදුලි ඩිපෝවල සේවයට හමුදාව යොදා ගනිමින් සිටින බවත්, මේ වනවිට කරවනැල්ල, රුවන්ඇල්ල ඩිපෝවල කටයුතු සඳහා හමුදාව යොදාගෙන තිබෙන බවත් එම එකමුතුවේ සාමාජික රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
වහාම මෙම පිරිස් ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.
මේ පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩල කටයුතු සඳහා හමුදාව යොදවා නොමැති බවත්, එහෙත් ඉල්ලීමක් කළහොත් හමුදා සාමාජිකයන් යෙදවීමට කටයුතු කරන බවත්ය.