විදුලි කප්පාදුවකුත් - මිල වැඩිකිරීමකුත් නෑ
වියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ විදුලිය කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසයි.
" මේ වන විට දෛනික විදුලි ඉල්ලුම ගිගවො. පැය 44 ඉක්මවා ගිහින් තියෙනවා. පසුගිය වර්ෂයේ සාපේක්ෂ මේ දිනවල දෛනික විදුලි ඉල්ලුම තිබුණේ ගිගවො. පැය 40කට ආසන්න ප්‍රමාණයක්. මේ විදියට බැලුවම 10%ක විදුලි ඉල්ලුම වැඩි වීමක් මේ වියළි කාළගුණයත් එක්ක ඇති වෙලා තියෙනවා.
අපේ විදුලිය නිෂ්පාදනය කරන ජල ධාරිතාව 36% දක්වා අඩු වෙලා තියෙනවා. සමහර ජලාශ වල ධාරිතාව 20% දක්වා අඩු මට්ටමකට පැමිණ තියෙනවා. අපේ ප්‍රධානතම බලාගාරය බවට පත් වී තියෙන නොරෙච්චෝලේ තාප බලාගාරයේ මෙගවො. 300ක් නිපදවන එක් යන්ත්‍රයක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා.
ඒ වගේම පෞද්ගලික බලාගාරයක් වන සොජිස්ටිස් බලාගාරයේ මෙගවො. 60ක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා. මේ සියලුම අභියෝග ජල විදුලිය නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ අපට විශේෂයෙන්ම තාප බලාගාර සියල්ල ක්‍රියාත්මක කරන්න වෙනවා.
2017 පළවෙනි මාස 6 තුළ දීර්ඝවම අඛණ්ඩව නියගය පැවතුණොත් අප ගණනය කරලා තිබුණා රු. බිලියන 51 ක වැඩිපුර මුදලක් දරන්න වෙනවා අඛණ්ඩව විදුලිය ලබා දීමට. අප යම් ආකාරයකින් සතුටු වෙනවා ඒ ගණනය කළ මුදල පළවෙනි මාස 6 දී බිලියන 38ක් දක්වා අමතර වියදම අඩු කරගතාතා.
ඒ විදියටම ඉදිරි අභියෝග හමුවෙත් අපි බලාපොරොත්තු වෙනවා භාණ්ඩාගාරයේ, රජයේ සහයෝගය ඇතුව විදුලිය කප්පාදුවක් හෝ ව්දුලි බිල වැඩි කිරීමක් සිදු නොකිරීමකට.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

