නියඟය හේතුවෙන් පාරිභෝජනය සඳහා සහල් මෙන්ම විදුලි බල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ද සිදුවන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරයි.
එසේම කෘෂිකර්මයෙන් පමණක් යැපෙන පවුල්වල ජීවන තත්වය සුරක්ෂිත කරලීම සඳහා සහන සහ ආධාර ලබාදීමට සිදුවන බව ද ඔහු ප්රකාශ කරයි.
අග්රාමාත්යවරයා හා ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්යක්ෂිකා එතරින් කොසින් මහත්මිය අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවරදී මෙම හමුව ඊයේ (18දා) පවත්වා තිබේ. පෙබරවාරි 10 වන දා ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව කොසින් මහත්මිය මෙහිදී අග්රාමාත්යවරයාට ප්රකාශ කර තිබේ.
ඡායාරූප ප්රදිප් පතිරණ