මේ වන විට ජල විදුලි නිෂ්පාදනය 15% ක් දක්වා පහත වැටී තිබෙන නිසා විදුලිය අරපරිස්සමින් භාවිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින කාලගුණ තත්ත්වය නිසා ජල විදුලිය නිෂ්පාදනය කරන ජලමූලාශ්‍රවල ජල මට්ටම 34% දක්වා පහත වැටී තිබෙන බවත්, මේ නිසා ජල විදුලිය නිෂ්පාදනය යම් ගැටලු සහගත තත්ත්වයකට පත්ව තිබෙන බවද එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේත් අඛණ්ඩව විදුලිය ලබාදෙන බවත්, මේ සඳහා ජනතා සහයෝගය අවශ්‍ය බවද ඔහු පවසා සිටියේය.