විදුලි බලය උත්පාදනය කරන ප්‍රධාන ජලාශවල ජලමට්ටම ඉතා පහළ මට්ටමක පවතින බවත්, මේ හේතුවෙන් විදුලිය අඛණ්ඩව ලබාදීමේ අභියෝගයක් පැනනැගී ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (28දා) සඳහන් කර සිටියේය.
ඒ අනුව මේ වනවිට විදුලිබල මණ්ඩලය සතු ජලාශ වන වික්ටෝරියා, රන්දෙණිගල ජලාශවල ජල මට්ටම ඉතා පහළ මට්ටමක පවතින අතර, එය 36.4%ක් බව අමාත්‍යවරයා පැවසීය.
මේ හේතුවෙන් ඉදිරි කාලයේ විදුලිය ලබාදීම සඳහා ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන හෙයින් ඒ සඳහා රුපියල් බිලියන 38ක් වෙන්කර ඇති බවද ආමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.