විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූ සැකකරු නැවත බන්ධනාගාරයට
ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු තීන්දුවේදී නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැත්තා නැවත එළැඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතා ඊයේ (14) නියෝග කළේය.
විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීවරයෙකුට මරණ තර්ජනය එල්ල කිරීම හේතුවෙන් වන නඩු විභාගයක් කැඳවූ අවස්ථාවේ සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විද්‍යා ඝාතන නඩුවෙන් සැකකරු නිදහස් වුවද අදාළ නඩු විභාගය හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතන නඩුව නිමාවූ දිනවූ සැප්තැම්බර් 27 වැනිදාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
විද්‍යා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතනය වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
2015 වසරේ මැයි 15 වැනිදා විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ අපයෝජනයකට ලක්ව 16 වැනිදා උදෑසන පුන්කුඩතිව් කැලෑවක තිබී සොයාගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


