විද්‍යා දැරියගේ ඝාතකයන්ට පලා යාමට අනුබල දුන් බව කියන උපපොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් නැත්තාගේ සේවය අත්හිටවූ බව පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේය.
පොලිස්පති වරයා මේ බව කියා සිටියේ යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විද්‍ය දැරියගේ ඝාතන සැකකරුවන්ට පලා යාමට පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබීම පිළිබඳව ඇසූ ප්‍රශන්යකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා "අදාළ උපපොලිස් පරික්ෂකවරයා මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනේ නැහැ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තියනවා. මේ වන විට ඔහු අතුරුදන්ව ඉන්නේ. නමුත් ඔහුව සෙවීමටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ කරනවා. ඔහු කෙසේ හෝ සොයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. එය නීතියේ ස්වභාවයයි”යැයි පවසා සිටියේය.