අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ ලබා නොදෙන බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අද (24දා) පැවසීය.
අධිකරණ ඇමතිවරයා ඉතා අපහසුවෙන් අදහස් ප්‍රකාශ කරන ආකාරය දැකිය හැකි බව කී ඒ මහතා අධිකරණ ඇමතිවරයාට අගමැතිවරයා ඉදිරියේ පැවසිය නොහැකි කරුණු ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පැවසීමට අවස්ථාව තිබෙන බවද ප්‍රකාශ කළේය.
ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ශක්තිමත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තුළ රැඳී සිටිය යුතු බවද මනෝහර ද සිල්වා මහතා පවසා සිටියේය.
ජාතික ඒකාබද්ධ කමිටුව විසින් තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.