දිස්ත්‍රික්ක 18කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 562050කට අයත් පුද්ගලයන් 1937375 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 104839කට අයත් පුද්ගලයන් 391468ක් මෙයින් පීඩාවට පත්ව සිටින බවට වාර්තාවේ.
මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 79496කට අයත් පුද්ගලයන් 255881ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 87145කට අයත් පුද්ගලයන් 288784ක් වශයෙන් දිස්ත්‍රික්ක 18ක ජනතාව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මෙම පිරිසට සහනාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන 2.8ක මුදලක් මේ වනවිට වියදම් කර තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.