ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත් වල සවස 2.00න් පමණ පසු වැසි ඇතිවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.
දකුණ, බස්නාහිර, සබරගමුව, උෟව යන පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 75-100 දක්වා වැසි ඇති විය හැකි බවත් අද (12දා) සවස 4.00ට නිකුත් කළ අනාවැකියේ දැක්වෙයි.