වැලිගම ජල සම්පාදන ක්‍රමය වෙත ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගයේ කෙස් දණ්ඩ පාලම අසල ඇති ජල කාන්දුව පිළිසකර කිරීම හේතුවෙන් අනිද්දා (27දා) පෙ.ව. 06.00 සිට ලබන 29 වැනිදා පෙ.ව. 06.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව කොලේදණ්ඩ, කඩේවත්ත, අලුත් වීදිය, කොහුණුගමුව, පලල්ල, වැලිගම පරණ පාර, හෙට්ටිවීදිය, පරණ කඩේ, කප්පරතොට, කුඹල්ගම, වලාන, වැල්ලක්ක, නව ගාලු පාර යන වැලිගම නගර සභා බලප්‍ර‘දේශය ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.
මීට අමතරව පැලෑන, පොල්වත්ත, පොල්අතුමෝදර, වල්ලිවෙල, මිදිගම, තුර්කිගම්මානය වන වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොටසකද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.