වැලිකන්දේ පාසල් වත්තක තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවේ
පොළොන්නරුව වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාල භූමියේ තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
ජොනි බට්ට වර්ගයේ බිම් බෝම්බයක් හා ආර්,පී,ජී වර්ගයේ උණ්ඩයක් මෙසේ සොයාගත් පුපුරන ද්‍රව්‍ය අතර වන බව පොලීසිය පවසයි.
එම විද්‍යාලයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි කීපයක් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයක් සඳහා ඊයේ පාසල් ක්‍රීඩාංගණය පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරත වූ දෙමාපියන් පිරිසකට මෙම පුපුරන ද්‍රව්‍ය තොගය හමුව ඇත.
මෙම ස්ථානය මීට පෙර යුද හමුදා මුර පොළක් වශයෙන් භාවිත කළ බවත් මෙහි තවත් පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ ඇද්දැයි සොයා බලා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස දෙමාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
වැලිකන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

