මෙවර ජනාධිපතිවරණය සඳහා ලැබූ වැඩිම තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එච්.එම්.පී. හිටිසේකර මහතා ප්‍රකාශ කළේය.
එම ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව 70,000 කට ආසන්න බවද ඔහු පැවසීය.
යුද හමුදා සාමාජිකයන් තැපැල් ඡන්දය ඉල්ලුම් කිරීම හේතුවෙන් මෙසේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් වැඩියෙන් ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා, එම ඉල්ලුම්පත්‍ර මේ දිනවල පරීක්ෂා කරගෙන යන බවද පැවසීය.
මෙවර ජනාධිපතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1,248,983 ක් වන බවත්, එය පසුගිය පළාත් සභා මැතිවරණයට වඩා ඡන්ද 16,340 කින් වැඩිවීමක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.