වාරියපොළදී තරුණියකගෙන් ගුටිකෑමේ සිද්ධියට සම්බන්ධ රොබට් දාස් චන්ද්රකුමාර නැමැති තරුණයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. ඔහු ඊයේ (31දා) වාරියපොළ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී එහි වැඩබලන මහෙස්ත්රාත් ශ්රීමිතී රාජපක්ෂ මහත්මිය විසින් මෙසේ බන්ධනාගාරගත කරණු ලැබුවාය.
තරුණයාට පහරදුන් තරුණියද මීට ඉහතදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඇය ඇපමත නිදහස් කරනු ලැබුවාය.