වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින හෙයින් දිවයිනේ මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
විශේෂයෙන්ම අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු ප්රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ වර්ශාපතනයක් ලැබිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (20දා) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.