දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30000ක් සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු වාර්තා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
දැනට දිවයින පුරා පුද්ගලික වෛද්‍ය සේවා කටයුතු වල වෛද්‍ය නිලධාරීන් 15,000 ක් සේවය කරති. නමුත් ව්‍යාජ වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි විය යුතුයි. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම පෞද්ගලික සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි.