ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සකස් කිරීම සඳහා උපයෝගී කරගන්නා කාඩ්පත් 400ක් සමග හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදු කළ මෙහෙයුමේදී දෙමටගොඩදී මෙම පුද්ගලයා විදේශ සිගරට් බණ්ඩල් 27ක් හා වියළන ලද මුහුදු කූඩැල්ලන් කිලෝවක් සමග අත්අඩංගුවට ගත් බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කාඩ්පත් 400, විවිධ ක්‍රෙඩිට් කාඩ්පත් 30ක් සහ බලපත්‍ර නොමැති බෝර 12 ගිනිඅවියක්, විදේශ සිගරට් බණ්ඩල 162ක් සොයාගත් බවද ඔහු පවසා සිටියේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා 2007 වසරේදී වැඩ තහනමකට ලක්කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.