ව්‍යවස්ථා සම්පාදන යෝජනා මාලාව තාවකාලිකව ඉවත් කරන්න
බඳව ඉදිරියේදී ගැටලු සහගත තත්ත්වයක් මතුවිය හැකි නිසා ව්‍යවස්ථා යෝජනා මාලාව තාවකාලිකව ඉවත් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීමට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව රැස්වී ඒකමතික තීරණයක් ගත් බව අනුනායක මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි කාරක සංඝ සභාව ඊයේ (22දා) කෝට්ටේ රාජමහා විහාරයේදී රැස් වූ අතර, එහිදී උන්වහන්සේ මේබව පැවසූහ.
ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ සංඝසභාව දීර්ඝව සාකච්ඡා කළ අතර,ඉදිරියේදී ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ පැවසූහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන් මෙම සාකච්ඡාවට සහභාගි නොවූ අතර, අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සංඝ සභාව රැස්වී තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

