පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නිල වශයෙන් අද (19දා) ඉවත්වීමට තීරණය කර තිබේ.
එම තීරණය පිළිබඳ සකස් කළ පිටු තුනකින් සමන්විත නිල ලිපිය කථානායක කරු ජයසූරිය මහතා වෙත අද පෙරවරු 9.30ට බාර දීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීමට අවශ්‍ය බවට මීට පෙර කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණු අතර, ඒ සඳහා ඊයේ (18දා) දිනයේදී අවසරය ලැබී ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීමේදී එය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් සමන්විත වියයුතු බවට දැක්වෙන වගන්තිය මෙම තීරණයත් සමග අභියෝගයට ලක්වන බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
එම පක්ෂයේ විමල් වීරවංශ,වීරකුමාර දිසානායක,ජයන්ත සමරවීර,පද්ම උදය ශාන්ත ගුණසේකර,නිරෝෂාන් ප්‍රේමරත්න මහත්වරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර, ආරම්භයේ සිටම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඔවුන් ඉවත්වී තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මෙහෙයුම් මණ්ඩලය විසින් පත්කළරන ලදඅනුකමිටු හයෙන් එකක් සඳහා මුල් අවස්ථාවේදී වීරකුමාර දිසානායක මහතා නම් කර තිබුණුඅතර, පසුව ඔහු එම කමිටුවෙන් ඉල්ලා අස්විය.