ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේමස 21 දා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
මෙහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු වාර්තා සභාගතකිරීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මගින් පත්කළ අනු කමිටු 06 හි වාර්තා සහ මහජන අදහස් විමසීමේ ලාල් විජයනායක වාර්තාව පදනම්කරගෙන මෙම අතුරු වාර්තාව සකස් කරඇත.
මෙම අතුරු වාර්තාව පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉන්පසුව අවසන් වාර්තාව සකස්කිරීමට නියමිත බවද වාර්තා වේ.
මේවනවිට දේශපාලන පක්ෂ වෙන් වෙන් වශයෙන් ව්‍යවස්ථාව සම්බන්ධ සිය පක්ෂයේ යෝජනා ලබාදී ඇති අතර එම යෝජනා සහ මෙම අතුරු වාර්තාව සලකා බලා අවසන් වාර්තාව සැකසීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවසථා මණ්ඩලය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පිහිටවනු ලැබීය.