වසර අවසානයේදී රටේ සියලු දෙනාටම විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බවත්, සිංහල අවුරුද්දට ප්‍රථමව විදුලි මෝටර් රථ සඳහා පළමු විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
බලශක්තියෙන් සපිරි රටක් යන තේමාව යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ, ඊට අනුබද්ධ ආයතන සහ පෞද්ගලික අංශයද දායක කරගනිමින්, 2025 දක්වා බලපැවැත්වෙන ප්‍රායෝගික වැඩ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාව සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය.
“බලශක්ති සුරක්ෂිතතාවය නැති රටක් සුරක්ෂිත රටක් නෙමෙයි. එහෙම රටකට ස්ථාවර තිරසර දියුණූවක් ලබාගන්න බැහැ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හරිත බලශක්ති වැඩිදියුණු කරන්න. විශේෂයෙන් සුළං සූර්ය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වලින් ලැඛෙන විදුලිය 2020 දී සියයට විස්සකින් වැඩි කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සියළු දෙනාටම මේ වසර අවසන් වනවිට විදුලිය ලබාදෙන්න.
ප්‍රවාහන ක්ෂේත්රය ඉන්ධන මත යැපීම අඩු කරගැනීමටත්, සිංහල අවුරුද්දට ප්‍රථම විදුලි මෝටර් රථ සඳහාවන පළමු චාර්ජින් සෙන්ටර් එක ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ඔහු සඳහන් කළේය.