ශ්‍රී ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 17000ක් පමණ අලුතින් වාර්තා වන අතර, ඉන් 2500ක්ම පියයුරු පිළිකා රෝගීන් වන බව විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (19දා) දින ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය,
“අද වනවිට අපේ රටේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් සම්පූර්ණ පියයුර ඉවත් නොකර වඩාත් සරල ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකාව පමණක් ඉවත් කොට, වඩාත් ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා.
ඒ වගේම පියයුරු පිළිකාව මූලික අවධියේ හඳුනාගැනීමෙන් එය වළක්වාගන්න පුළුවන්. අද බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ එය උත්සන්න වී පැතිරුණායින් පසුවයි. පියයුරේ යම් ගැටිත්තක් තමා මූලික අවදානම් සලකුණ. ඒ අවස්ථාවේ රෝහලට පැමිණ පරීක්ෂාවට ලක්කොට එය පිළිකාවක්ද නැද්ද කියා තහවුරු කර ගැනීම අවශ්‍යයි" යනුවෙන් කියා සිටියේය.