වවුනියාවේ පාසලක මිදුලේ අධිබලැති බිම්බෝම්බයක්
වවුනියාව උතුර අධ්‍යාපන කලාපයට අයත් නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ ඉදිරිපස මිදුලෙහි යුද සමයේදී වළදමා තිබූ අධිබලැති බිම් බෝම්බයක් ඊයේ (09දා) දහවල් සොයාගත් බව වවුනියාව නෙඩුන්කේනි පොලීසිය පවසයි.
නෙඩුන්කේනි පොලීසිය පැවසුවේ, විද්‍යාලයේ ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් පොළව කැණීම් කරන අවස්ථාවේදී පාසලේ දරුවන් බෝම්බය දැක ඇති අතර අනතුරුව පාසල් දරුවන් කල්පනාකාරීව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති විසින් පොලීසිය දැනුවත් කළ බවයි.
බෝම්බය දැකීමෙන් පසු විදුහල්පතිවරයා විසින් වහාම දරුවන් අදාළ ස්ථානයෙන් ඉවත්කර, පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම නිසා සිදුවීමට ගිය විනාශයක් මැඬපැවැත්වීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.
පසුව අදාළ බිම්බෝම්බය සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අද (10දා) දිනයේ විද්‍යාලයෙන් දරුවන් ඉවත්කර බෝම්බය ගොඩගෙන විනාශ කිරීමටද පියවර ගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



