ගොවියෙකු විසින් වවුනියාව, තාණ්ඩික්කුලම ප්රදේශයේ කුඹුරක් සකසමින් සිටියදී එහි තිබී යුද සමයේදී භාවිත කළ මෝටාර් බෝම්බයක් හමුව ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
එම මෝටාර් බෝම්බය වසර ගණනක් පැරණි බවත්, යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සඟවා තබන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.
සොයාගත් මෝටාර් බෝම්බය වවුනියාව මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයක් අනුව නිෂ්ක්රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්රිය අංශය වෙත බාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.