වව්නියාව දිස්ත්රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ උදෑසන ඔසවා තිබූ ජාතික ධජය අද (25දා) උදෑසන මෝටර් රථයකින් පැමිණි කිසියම් පුද්ගලයෙකු විසින් බිම හෙළා පලාගොස් ඇති බව වවුනියාව පොලීසිය සඳහන් කරයි.
මෙම සිදුවීම අද පෙරවරු කාලයේදී සිදුව ඇති අතර කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙලෙස ජාතික කොඩිය ගලවා බිම දමා යන අවස්ථාවේ පොලිස් නිලධාරීන් මොටර් රථය නැවත්වීමට උත්සාහ දරා ඇතැත් ඔහු එම රථය පොලිස් නිලධාරීන්ගේ ඇඟට කපා පලා ගිය බවට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.