වරාය අධිකාරිය රුපියල් බිලියන 11 ක ලාභයක් ලබා ඇති බැවින් මෙවර වරාය සේවකයින්ට බෝනස් මුදලට අමතරව ප්‍රසාද බෝනස් මුදලක්ද ලබාදීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හම්බන්තොට වරායේ ණය බරින් නිදහස් වීම හේතුවෙන් මෙම ලාභය ලබා ඇති බව අමාත්‍යවරයා පැවසුයේ ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය යටතේ සිය අමාත්‍යාංශ වැය ශිර්ශ යටතේ අදහස් දක්වමිනි.
එමෙන්ම හම්බන්තොට වරායේ සේවය කළ සේවකයින්ට වන්දි මුදල් ලබාදෙන අතර වන්දි මුදලට අමතරව යළි රැකියාවද ලබාදෙන බව අමාත්‍යවරයා කීවේය.